Dilani Jayasinghe

ඩොමේන් නාමයක් ගැනීමේදි ඔබ සැලකිලිමත් විය යුතු කරුණු

Published by Dilani Jayasinghe under on 2:37 AM
අන්තර්ජාලයේදි ඔබ ගන්නා ඩොමේන් නාමය ඔබගේ ව්‍යාපාරික නමට සමාන එකක් විය යුතුයි.එය ඔබගේ ව්‍යාපාරය හදුනා ගැනීමට උදවු වේයි.තවද නිවැරදි ව ඩොමේන් නමක් තොරා ගත් විට එය ඔබ විසින් අන්තර්ජාලය හරහා සිදු කරන ව්‍යාපාර කටයුතු වල ස්ථාවර බව තහවුරු කරයි.කෙසේ වුවත් දැනට මිලියන 110ක් පමන වන ක්‍රියකාරි ලියාපදිංචි ඩොමේන් නාම ඇති අතර,දැනට දිනකට 100,000 පමණ ඩොමේන් නාම ලියපදිංචි වෙමින් පවති. ඔබට අවශ්‍ය නම ඔබට ගැනිමට නොහැකි වුවහොත්,එ සදහා නිර්මාණාත්මක විකල්ප නාමයක් යොදා ගැනිමට ඔබට සිදු වෙයි.ඔබගෙ ඩොමේන් නාමය තිබෙන්නෙද යන්න සොයා බලිම සදහා මාර්ගගත(ඔන්ලයින්) ඩොමේන් නාම ලියාපදිංචි කරන සේවා ඔනෑ තරම් අන්තර්ජාලයෙහි සොයා ගැනීමට ඇත.

ඩොමේන් නම කොටස් 3 කින් යුක්තයි.(sub-domain.domain-name.top-level-domain)

උදාහරණය:- www.yourbusinessname.com

blog.yourbusinessname.com



ඩොමේන් නාමයක් ගැනිමේදි ඔබ තීරනය කල යුතු පළමු වැන්න ඔබ තොරා ගන්නෙ කුමන Top Level Domain (TLD) එකද යන්නයි.
.com කියන්නෙ බහුලවම ව්‍යාපරික කටයුතු සදහා බාවිතා කරන TLD එකයි.ඔබගේ වෙබ් පිටුව යම් කිසි විශේෂ රටකට හෝ භාෂාවකට අනුව කල යුතුයි කියා ඔබ සැලසුම් කර තිබෙ නම් ඔබ එ සදහා එම රටට විශේෂිත වු TLD එක භාවිතා කල යුතුයි.

උදාහරණ :- .ca (කැනඩාව)
.uk(එක්සත් රාජ්‍යය)
.au(ඕස්ට්‍රේලියාව)
.de(ජර්මනිය)

.org -මෙම TLD එක භාවිතා කරන්නේ ලාබ නොලබන සංවිධානයකට අයත් වෙබ් පිටුවක් බව හැදින් විමටයි.
.net-මෙය network providers විසින් යොදා ගනි.
එනමුත් ඕනෑම අයෙකුට මෙම TLD භවිතා කර ඩොමේන් නාම සදහා ලියාපදිංචි විය හැක.

ඩොමේන් නාමයක් ගැනිමෙදි, කොහොමද හොද ඩොමේන් නාමයක් ගන්නේ? කොහොමද ඔබගේ ව්‍යාපාරයට ගැලපෙන නමක් තොරගන්නේ? යන්න සදහා මතවාද විශාල සංඛ්‍යාවක් ඇත.පහත දක්වා ඇත්තේ ඩොමේන් නාමයක් ගනිමෙදි ඔබ සැලකිලිමත් විය යුතු කරුණුයි.

* ඔබගෙ සමාගමේ නම හෝ භාණ්ඩ වර්ගයේ නම ගන්න පුලුවන්නම් එක ගන්න,එහෙම නැත්නම් ඔබගෙ ව්‍යාපාරය විස්තර කරන වචනයක් එකතු කරන්න.
උදාහරණය :- smiths.com මෙම නම ගන්න බැරි නම් smithsoptical.com හෝ smiths-optical.com ලෙස නම වෙනස් කර ඩොමේන් නම ගැනිමට උත්සාහ කරන්න.


* මතකයේ තබා ගැනිමට ලෙහෙසි නමක් භාවිතා කරන්න.
 
Powered By Blogger